කඩුවෙල හිරකරුට වෙඩි තැබීයැයි හිටපු සෙබළා අල්ලයි


කඩුවෙල උසාවියේදී සමයන් නම් හිරකරුට වෙඩි තබා පැන ගිය බව කියන පුද්ගලයෙක් දොම්පේ ගලකොනේදී අද (25) උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු බසයකින් බසිද්දී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

පසුගිය බදාදා සමයන් නම් හිරකරුට කඩුවෙල උසාවියේදී මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා පැනගිය පුද්ගලයා ලෙස මොහු සැකකරයි.

ඔහු මල්වතුහිරිපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

වෙඩි තැබූ බව කියන පුද්ගලයා හමුදාවෙන් ඉවත්වූ අයකු (35) බවද පොලිසිය පවසයි.