කඩුවෙල වෙඩි තැබීමකින් අයෙක් මරුට


(කේ. බුද්ධික කුමාරසිරි)

පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරාදමා  ඇතැයි පොලිසිය කියයි.

සම්පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් දමා යතුරු පැදියකින් ආ දෙදෙනා ඔහු පැහැරගෙන ගොස් හිසට වෙඩි තබා ඇත.  

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු හිටපු යුද හමුදා සාමාජිකයකු බව කියයි.