ඉන්දිකා රාමනායක
කඩුවෙල බෝමිරියේ පිහිටි රාජ්‍ය බැංකුවට අද (8) පෙරවරුවේ කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙන්වා ලාච්චුවේ තිබු රුපියල් 1,27,700 ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව නවගමුව පොලිසිය කියයි.
අද පෙරවරු 11.00 පමණ මෙම බැංකුවට පැමිණි ඇති කොල්ලකරුවන් දෙදෙනා ඔවුන් රැගෙන ආ පිස්තෝලය හා පිහිය පෙන්වා ඉහත මුදල පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.