කඩුවෙල මහේස්ත්‍රාත් ශෂී බලන්න රෝහලට


ශෂී වීරවංශ ප්‍රතිකාර ලබන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කඩුවෙල මහේස්ත්‍රාත් බල ප්‍රදේශයට අයිති හෙයින් ඇයට එරෙහි පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට යොමු කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මින් මද වේලාවකට පෙර එහි යාම සඳහා අධිකරණයෙන් පිටත්විය. ශෂී වීරවංශ මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය අලුත් කඩේ උසාවියෙන් අද (23) ඉල්ලා සිටි නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව උසාවිය අවසන්වන තුරුත්  ඉදිරිපත් නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් නොලැබිණි.