කඩුවෙල ටීනා පොලිස් දැලේ


(නිමන්ති රණසිංහ)

පොලිස් සැරයන් නිල ඇඳුමින් සැරසී රණාල ජල්තර ප‍්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට වෑන් රථයකින් යමින් සිටි පාතාල කි‍්‍රයාකාරීයකු වූ ‘කඩුවෙල ටීනා’ ඇතුලූ කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මාලඹේ සයිටම් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වසර දෙකක් රක්ෂිත භාරයේ සිට මාසයකට පෙර පැමිණී ප‍්‍රධාන සැකකරු වූ සුබසිංහ ආරච්චිලාගේ සුමිත් නිරෝෂන් නොහොත් ‘ටීනා’ නැමැත්තා ඇතුලූ සැකකරුවන් හතර දෙදෙනකු මෙම නිවස මංකොල්ල කෑමට යමින් සිටියදී පොලීසිය එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හෝමාගම ප‍්‍රදේශයේ කුලී වාහන සේවා අයතනයක වෑන් රථයක් ගෙන්වා ගනිමින් වෑන් රථයේ රියැදුරුගේ දෑත් දෙපා සහ මුඛය ඔහුගේම කමිසය ආධාරයෙන් බැඳ දමා වෑන් රථයේ ආසන යටට දමා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.