කඩුවෙල-කොට්ටාව සුපිරි මග වහයි


ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොළඹ - කොට්ටාව පිටත වට රවුම් මාර්ගයේ අධිවේගී මාර්ගය කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ජූනි 16 තෙක් වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

තාවකාලිකව ඉදිකළ කොතලාවල පිවිසුම වෙනුවට ස්ථිර පිවිසුම් දෙකක් ඉදිකර ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ටී.කේ.රණතුංග මහතා පවසයි.