කඩුවෙල කඩවත අධිවේගය 20 ඇරේ


අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර ඇතුලත් කඩුවෙල-කඩවත කිලෝ මීටර 14.3 ලබන 20 දා විවෘත කිරීමට නියමිත බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.එස්.එච්.අබේවික්‍රම මහත්මිය කියන්නීය. මෙම මාර්ගයේ කොට්ටාව කඩුවෙළ කොටස ගිය වසරේ විවෘත විය. දෙවැනි අදියර කඩුවෙල කඩවත කොටසයි. තෙවැනි අදියර කඩවත කෙරවලපිටිය කොටසයි. ඉලක්කගත කාලය ඉක්මවීමට පෙර වැඩ අවසන් කරන බවත් රිය අනතුරු අවම කිරීම සඳහාවන නව තාක්ෂණය හා උපක්‍රම යොදා ගන්නා බවත් අධ්‍යක්ෂවරිය කියන්නීය.

2012 ආරම්භ කළ දෙවැනි අදියරේ වැඩට රුපියල් කෝටි 4900ක් ඇස්තමේන්තු කැර තිබිණි. මං තීරු හතරකි. ටොල් ගේට්ටු (මුදල් අයකරණ පිවිසුම් හා පිටවුම්) හයකි.