කඩුවෙල අන්තර් හුවමාරුව සම්පූර්ණයෙන්ම යටවෙලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් කඩුවෙලින් මාතර දෙසට ඇතුල්වීම හෝ පිටවීම කළ නොහැක.

තවද කඩුවලින් කඩවත දිශාවටද ඇතුළුවීමද පිටවීමද කළ නොහැක