කඩුවෙල - කඩවත අධිවේගයේ ගමන් 17 සිට


පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර බ්‍රහස්පතින්දා (17) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධිවේගී නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්.ඕපනායක මහතා පැවසීය.

කඩුවෙල කොතලාවල සිට කඩවත දක්වා එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 8.9කි.

ඒ වෙනුවෙන් බිලියන 44ක පමණ මුදලක් වැයවී ඇත.

මෙම මාර්ගය විවෘත කිරීමත් සමග කඩුවෙල නගරයේ කැලණි ගඟ හරහා ඇති පාලමේ සිදුවන වාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇතැයි ඕපනායක මහතා කීවේය.

අධිවේගී මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා මීටර් 300ක් පමණ දිගින් යුත් පිවිසුම් පාලම් දෙකක්ද ඉදිකර ඇත.

highway2015914DSC07636 highway2015914DSC076362 highway2015914DSC076363 highway2015914DSC076364

hig2015914DSC07678