කඩුවකින් පහර කෑ සිසුවා රෝහලේ


[බන්දු තඹවිට]


පොසොන් පොහෝ දින පා පැදි  වලින් දන්සැල්  වැඳිමට  ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනකු එල්ල කළ  කඩුව ප්‍රහාරයකින්   බරපතල තුවාල ලැබු සිසුවා රෝහල්ගත කර ඇතැයි  බව වැලිපැන්න පොලීසිය පවසයි.

මෙසේ කඩු පහරට ලක්වී රෝහල් ගතකර ඇත්තේ පරේගම,පහළවෙල පදිංචි පාසල් සිසුවෙකි.

පොසොන් පොහෝ දින දන්සැල් වැඳීමට තුවාල කරු ඇතුළු තරුණයන් කීප දෙනෙක් පා පැදි වලින් මීගම පාරේ අළුත්ගම දෙසට ගොස් ඇති අතර මීගම ලද්දුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු තුවාලකරු සමඟ බහින් බස් වීමක් ඇතිකරගෙන අනතුරුව කුඩයක් තුළ සඟවාගෙන පැමිණි කඩුවක් ගෙන තුවාලකරුගේ ගෙළ පිටුපසට පහරදී ඇත.

ප්‍රදේශවාසීන් සහ මිතුරන් විසින් තුවාලකරු ඉත්තෑපාන දිසා රෝහලට ඇතුළත්කර ඇත.

මෙම කඩු පහරදීම පන්තොට ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු විසින් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ඇතිවූ පැරණි ආරවුලක් මත සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනාම පාසල් සිසුන් වන අතර එක් අයෙක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකු බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහරෝහලට මාරුකර යැවීමට නියමිතව තිබු අතර පහරදීමට සම්බන්ද බවට සැකකරන සිසුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.