කඩුගන්නාවේදී දුම්රියට ගල්ගැසූ තරුණයන් 4 ක් අත්අඩංගුවට


(චමිල් රුපසිංහ)

කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4 දෙනෙකු කඩුගන්නාව පොලිසිය හා දුම්රිය විශේෂිත ආරක්ෂක ඡංගම සේවය මගින් කළ විශේෂ මෙහයුමකදි අත් අඩංගුවට ගන්නා ලද  බව කඩුගන්නාව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් බලන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු හා අනුරාධපුරයේ  සිට බලන නැදෑ නිවසකට පැමිණි වයස 18 හා 19 වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

ගල් පහර වැදීම නිසා දුම්රිය නියාමක මැදිරියේ වීදුරුවකට අලාභ හානි වි ඇති අතර මේ දක්වා අලාභය තක්සේරු කර නැත. සැකකරුවන් අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද කඩුගන්නාව පොලිසිය පවසයි.