කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්


දවුලගල  සිට කොළඹ  කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකා‍ය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය  පවසයි.

කසල තේ කිලෝග්‍රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී  අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා  අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ‍ඒකකය පවසයි.

web_2015923tea web_2015923tea2