කඩු දෙකක්-අංක තහඩු සමඟ 4 ක් අත්අඩංගුවට


( සරත් නිශ්ශංක)
 
පොළොන්නරුව පුලස්තිගම  පොලිස් බල ප්‍රදේශයේ අද  (28) කරන ලද හදිසි වැටලීමකදී කඩු 2 ක් සහ වාහනයකින්  ගලවන ලද  අංක තහඩුවක්  සමඟ  මුස්ලිම් ජාතිකයින් 4 ක් පුලසිතිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අලුයම සිට දවස පුරා පැවති මෙම මෙහෙයුම සදහා පොලිසි නිලධාරීහු, යුද හමුදාව  හා  පොලිස් විශේෂ බළකාය එක්වූහ.
 
පොළොන්නරුව පොලිස් අධිකාරී ධම්මික වීරසේකර  මහතාගේ උපදෙස් පරිදි පුලස්තිගම  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. පී. පතිරණ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් හා යුද හමුදාව පොලිස් විශේෂ බළකාය එක්ව කරන ලද වැටලීමේදී මෙම පුද්ගලයින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පුලස්තිගම පොලිසිය  අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.