කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.
අබ්දුල් පපා සජාන් නමැති වැල්ලවත්ත එක්සලන්සි උත්සව ශාලාවේ හිමිකරු අද පෙරවරුවේ පොලිසියට බාර වූ අතර එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් කඩාවැටී ඇතැයි කියති.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගිය අතර 27 දෙනෙක් තුවාල ලැබූහ.