හික්කඩුව ධීවර වරායේ ධීවර යාත්‍රා හිමියන් සහ නාවික හමුදාවේ හා පොලීසිය අතර ගැටුමකින් පසු ව්‍යාපාරිකයන් පිරිසකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත හික්කඩුවේ කඩ සාප්පු වසා අද පැයක උද්ඝෝෂණයක් පැවැත්වීය.
4000කට වැඩි පිරිසක් ඊට එක් වූහ.
ගාල්ල කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය. පාරේ එක් පැත්තක් වසා විකල්ප මාර්ගවලින් වාහන යැවීමට ද සිදු විය.



