කොළඹ වටරවුම් මාර්ගය අද පස්වරු තුනට මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත විය. ඒ සමගම වාහන ගමනා ගමනයට ද අවශ්‍ය කටයුතු සලසන බව මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්. ඕපනායක කියයි.
අධිවේගී මාර්ගය පාවිච්චි කරන සැහැල්ලු වාහන සඳහා අය කරන ගාස්තු මෙසේය.
කඩවත සිට කඩුවෙලට - රු.100 ,අතුරුගිරියට සහ කොට්ටාවට - රු.150, කහතුඩුවට - රු. 200, ගැලනිගමට - රු.250 දොඩන්ගොඩට - රු.300, වැලිපැන්නට - රු.350, කුරුඳුගහහැතැක්මට - 400, බද්දේගමට - රු.450, ගාල්ල පින්නදූවට - රු.500, ඉමදූවට - රු.550, කොක්මාදුවට, - රු.600, මාතර ගොඩගමට - රු.650 මීට අමතරව බසයකට රුපියල් 1750 ක් ද, කන්ටේනරයක රුපියල් 2500 ක් ද අය කෙරේ. මේ සමගම කඩුවෙල අතුරුගිරිය පොරේ පිවිසුම ද විවෘත කෙරේ.
කඩවත සිට මාතර දක්වා ශ්‍රී ලංගම හා පෞද්ගලික සුඛෝපභෝගී බස් සේවාව ද හෙට (18) සිට ආරම්භ වීමට නියමිත අතර කඩවත සිට ගාල්ලට බස් ගාස්තුව රුපියල් 400ක් ද මාතරට රුපියල් 500ක් ද බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියයි.





