මහින්දගේ කඩේ වගේම රනිල් - මෛත්‍රීගේ කඩේ බඩුත් කල් පැනපු පරණ ඒවා හෙයින් නැවුම් බඩු තිබෙන අලුත් කඩයක් විවෘත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එම පක්ෂ මුලස්ථානයේදී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පැවසුවේය.
ජනාධිපතිවරයා යහපාලන මුලධර්ම පසෙක තබා හොරුත් සමඟ හෙළුවෙන් නටන බවද කලින් ආණ්ඩුව කළ හොරකම් මේ ආණ්ඩුවත් යස අපුරුවට කරන බවද ඔහු කීවේය.
ජනවරමට පයින් ගසා ආණ්ඩුව කටයුතු කරන බවටද චෝදනා කළේය.

