කටුනායකින් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට



 
 
(ටී.කේ.ජී.කපිල )

 
                  
තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 5 ක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

 

මෙම රන් බිස්කට් තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබූවේ 39 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වසර 10 ක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කර ඇත්තෙකි .
 
මෙම රන් බිස්කට් වල මුළු බර ග්‍රෑම් 291.55 ක් වූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 17,49,300 ක් වේ.
 
මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .