කටුනායකදී කෝටි 4 ක හෙරොයින් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් බව කියන හෙරොයින් මත්කුඩු තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පාකිස්තාන අඹුසැමි යුවළක්  කටුනායක  ගුවන් තොටුපොලේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  සැකකාර යුවළ සතුව හොරොයින් මත්කුඩු කිලෝ 4.218 ක් තිබී ඇත.

මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලූවල ව්‍යාජ පතුල් සකසා ඒවායේ මෙම හොරොයින්  සඟවාගෙන පැමිණි බව පොලිසිය කියයි.