කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි


(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා , මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත අද (26) දින රාත්‍රී හරවා යැවූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ඉන්දියාවේ චෙන්නායි සහ මාළදිවයින මාළේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

මීට අමතරව ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .