කොළඹ - කටුනායක ප්‍රධාන අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි.
රියදුරුට නින්දයාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත.
තුවාල ලැබු කම්කරුවන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. ඔවුන් ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

