(ටී.කේ.ජී.කපිල)
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක අද(03) හදිසියේම ගින්නක් හට ගෙන තිබේ.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකක ප්‍රයත්න දරමින් සිටිති.
කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් ද මේ වනවිට එම ස්ථානයට ගොස් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

