කටුනායක ගුවන් තොටේ ආගමන විගමන නිලධරයෝ විරෝධයක



 
රංජන් කස්තුරි 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන ආගමන විගමන නිලධාරීහු අද (17) දහවල් 12.30 සිට නිහඬ විරෝධතාවයක නිරතව සිටිති.

ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳිමට බල කරමින් එම නිලධාරිහු අද (17) රාත්‍රී  12 සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වීමට නියමිතය.

කටුනායක,රත්මලාන,මත්තල ගුවන්තොටුපළ වල හා කොළඹ ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන්හි සේවය කරන ආගමන විගමන නිලධාරීහු ද අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ