
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට අයත් ඉඩම හරහා, ගම්මානයකට මාර්ගයක් කැපීමට සූදානමක් පවතින බව ප්‍රකාශ කරමින් සහ එයට විරෝධය දක්වමින් රෝහලේ කාර්ය මණ්ඩලය, සංවර්ධන කමිටු සාමාජිකයෝ සහ ප්‍රදේශවාසීහු අද (03) විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවයකට එක්ව සිටි පිරිස මෙහිදී ප්‍රකාශ කළේ, රෝහල සතුව ඉතා සීමිත ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් එම ඉඩම් හරහා මාර්ගයක් ඉදිකිරීම තුළින් රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට හැකියාවක් නොමැති වන බවත්ය.
කෙසේ නමුත් කටුගස්තොට පොලිසියේ උසස් නිලධාරින් පැමිණ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ රෝහල් කර්ය මණ්ඩලය විරෝධතාවය අවසන් කළහ.





