කටුකුරුන්දෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි



 
(සුමතිපාල දීයගහගේ) 

හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අද (25) උදේ සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

ඉඩම් වෙන්දේසියකින් මෙම ඉඩම මිලදි ගෙන ඇති ඉංජිනේරුවරයෙක්  එම ඉඩමේ පොල් පැළයක් රෝපණය කිරිමට වළක් කපමින් සිටින විට  ජිව අත් බෝම්බය හමුවීමෙන් පසුව එම ඉංජිනේරුවරයා මේ බව හබරාදුව පොලිසියට දැනුම්දී ඇත.

ඒ අනුව බෝම්බය නිශ්ක්‍රිය කිරිමට යුද හමුදාවේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණෙන තෙක් එම බෝම්බය තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. හබරාදුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.