කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකු මගින් ගෙවීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර ඇත.
විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා මැදපෙරදිග කළ සංචාරයේ දී එරට බලධාරීන් ගෙන් තළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එරට කම්කරු හා සමජ සුභ සාධන ඇමති අබ්දුල්ලා සාලියා අල් කුලාෆි මහතා ඒ බව පැවසුවේය.
මෙසේ වැටුප බැංකු ගත කිරීම මගින් සේවක වැටුප් ලබා නොදීම පිළිබඳ පැමිණිලි අවම කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවැසූ බව අමාත්‍යවරිය පැවැසුවාය.
කටාර් රාජ්‍යය හා ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිළිබඳව ඇති ගිවිසුම් ගැන සාකච්ඡාවක් ද මේ වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවද අතුකෝරල මහත්මිය කීවාය.
ශ්‍රී ලාංකිකයන් 145,000ක් පමණ සිටින නමුත් තානාපති අංශ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ 107,000 පමණ පිරිසක් රැඳී සිටින බව යැයි ද ඇමතිනිය කීවාය.

