(විනීතා එම් ගමගේ)
කටාර් රාජ්‍යයේ සේවය කරන සියළුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය මගින් නිකුත්කරන ලද නිවේදනයක සඳහන් වේ.
එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත.
මේ අනුව විදේශ ශ‍්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායකන් තීරණය කල මැදපෙරදිග කලාපයේ ප‍්‍රථම රට කටාර් රාජ්‍යය බව විදේශ රැුකියා අමාත්‍යංශය කියයි.
මෙම අවම වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදය කටාර් හි සේවය කරන සියළුම විදේශ ශ‍්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුලත් වේ.
පසුගිය වසරේදී, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය සමඟ කටාර් රාජ්‍ය සම්පාදනය කරගත් කම්කරු නීතිරීතිවලට අනුව, අවම වැටුප ගෙවීම සම්බන්ධව සේවායෝජකයන්ට ඊට සූදානම් වීම සඳහා මාස හයක කාලසීමාවක්ද ලබා දී තිබේ.
කටාර් රාජ්‍යයේ කම්කරු නීතිරීතිවලට අනුව කිසිදු විදේශ ශ‍්‍රමිකයෙකුට වෙනස් කොට සැලකීමකින් තොරව සමාන අයිතිවාසිකම් භුක්ති විදීමට ඉඩ පහසුකම් එරට රජය විසින් සලසා දී තිබේ.
අවම වැටුප කටාර් රියාල් 1000 ගෙවීමට අමතරව සේවකයින්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිළිියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500ක් වශයෙන් අමතර ගෙවීමක්ද සේවකයාට ලබාදිය යුතුවේ.

