කටාර් රාජ්‍ය නායකයා එයි


කටාර් රාජ්‍යයේ නායක එමීර් සෙයික් හමාඞ් බින් කලිපා අල්තානි දූත පිරිසක් සමග දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියේය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  ඔහු පිළිගත්හ. නාවික හමුදා උත්තමාචාරයක් හා ශ්‍රී ලංකා යුද හමුදා ආචාර වෙඩි මුර 21ක් ද පැවැත්විණි.