කටාර් මුලට:සුඩාන් අගට


එක්සත් ජාතීන්ගේ මානුෂීය සංවර්ධන වැඩසටහනෙහි  2014 නිල වාර්තා අනුව මානුෂීය සංවර්ධනය පිළිබද ශ්‍රේණි ගතකිරීම් වලට අනුව සෞදි අරාබියට  34 වැනි ස්ථානය  හිමි වෙයි.එරට සංවර්ධනය ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි දැක්වේ.ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානය ලබා ඇත්තේ හොද මානුෂීය සංවර්ධනයක් ඇති රටක් ලෙසිනි

එක්සත් ජාතීන්ගේ මානුෂීය සංවර්ධන වැඩසටහන යටතේ වාර්ෂිකව නිකුත් කරන මෙම වාර්තාව අනුව අරාබි කලාපයේ පළමු ස්ථානය කටාර් රාජ්‍යටත් අවම මානුෂික සංවර්ධනයක් ඇති රට ලෙස සුඩානය ලෙසත් වර්ග කර ඇත.

 කෙසේ වුවද 1980 සිට 2013 වසර දක්වා වාර්ෂිකව සියයට1.10  ප්‍රතිශතයකින් මිනිස් සංවර්ධනය ඉහළ නංවා ගැනීමට සෞදි අරාබිය සමත්වී ඇත.

එක්සත් ජාතීන්ගේ නිල වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට 73 වැනි ස්ථානය හිමිවෙද්දී ඉන්දියාවට 135 වැනි රට ලෙස මධ්‍යම ගණයට පත් වෙයි.

පාකිස්තානය 146  සහ නේපාලය 145  තැනට ලබමින් අඩු මිනිස් සංවර්ධිත රටවල් වර්ගයට ඇතුලත් කර ඇත

එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝකය පුරා රටවල් 187 ක කළ  සමීක්ෂණයන්ට අනුව මිනිස් සංවර්ධිත රටවල් වලින් අධි ශ්‍රේණි සහ ඉතා ඉහළම මිනිස් සංවර්ධිත රටවල් 5 අතුරෙන් නොර්වේ,ඔස්ට්‍රේලියාව,නෙදර්ලන්තය ස්විස්ටර්ලන්තය,සහ ඇමරිකා එක්සත් ජනපදය නම්කර ඇත.ලෝකයේ අඩුම මිනිස් සංවර්දනය අතින් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව නයිජීර්ලකොන්ගෝ රිපබ්ලික්ලමධ්‍යම ඇෆ්රිකානු සමුහාණ්ඩුවල චැඩ් රාජ්‍ය සහ සියෝරාලියෝන් යන රටවල් ශ්‍රේණි ගතකර ඇත.