
(සුනිල් එස්. පැල්ලන්දෙණිය)
කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පෙරෙදා (24) සවස ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් ශ්‍රී ලාංකික හා නේපාල ජාතික කාන්තාවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
තට්ටු තුනකින් යුත් මෙම මහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම හදිසි ගින්න හටගෙන ඇති අතර, ගින්න හේතුවෙන් එහි නේවාසිකව සිටි ශ්‍රී ලාංකික හා නේපාල් ජාතික කතුන් විශාල පිරිසක් සිය ජීවිතය බේරා ගැනීමට ඉහළ මහලේ සිටි බිමට පැනීම හේතුවෙන් මෙසේ වැඩි දෙනා තුවාල ලබා ඇතැයි කියති. එයින් කිහිපදෙනෙකුටම බරපතල තුවාල සිදුවී ඇතැයිද වාර්තාවේ.
ගින්න හට ගැනීමෙන් පසුව කටර් රජය විසින් සිය ගිනි නිවන හමුදාව හා ගැලවීම් හමුදාව යොදා ගනිමින් අනතුරට ලක්ව සිටි නේවාසික පිරිස් බේරගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා කටාර් ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානාද යොදාගෙන ඇත.
ගින්න හටගත් ගොඩනැගිල්ලෙහි කාන්තාවන් හයසියයකට ආසන්න පිරිසක් නේවාසිකව


