කටාර් - බහරේන් - කැනඩාවේ සිට ලංකාවට එන්න අවසර නෑ’


පසුගිය සති දෙකක කාලය තුළ කටාර්, බහරේන්, කැනඩා යන රටවලවලට ගිය කිසිදු ශ්‍රී ලාංකිකයකුට නැවත ශ්‍රීලංකාවට පැමිණිමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙම නියමය අද (17) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කරන බව සිවිල් ගුවන් සේවා සභාපතිවරයා පැවසීය.