ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිට්යදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු මොරටුව, කොළඹ සහ හිගුරක්ගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස 45,44 සහ 27 වියේ පසුවු කාන්තාවෝ වෙති.
මෙම කාන්තාවෝ පසුගිය 13 වෙනිදා කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට මෙරටින් පිටත්ව ගොස් ඇත.
මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් මොවුන් මෙම ව්‍යාජ වීසා ලබාගෙන ඇති බව කරණ ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. අදාල රැකියා නියොජිත ආයතනයෙන් එක් කාන්තාවකට රුපියල් තිස් දහසක්ද, අනිත් දෙදෙනාට රුපියල් පනස් දහස බැගින්ද විදෙස් ගතවීම වෙනුවෙන් ලබා දී ඇත.
මෙම කාන්තාවන්ට රැකියා සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අනුමත ලිය කියවිලි ඇතුළු සියලූ ලිය කියවිලි අදාල රැකියා නියෝජිත ආයතයේ උප ඒජන්තවරු දෙදෙනෙක් විසින් සකස් කර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිතය.

