කටවුට් සිද්ධියකට තංගල්ල නගරසභාව උණුසුම් වෙයි


(අනීෂා මානගේ)

තංගල්ල නගරයේ ප්‍රදර්ශනය කළැයි කියන කටවුට් සම්බන්ධයෙන් කළ කතාවක් දුරදිග යාමෙන් අද(25) පැවැති තංගල්ල නගරසභාවේ අගෝස්තු මස සභාවාරයේදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

තංගල්ල නගරයේ කිසිදු ස්ථානයක පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබියදී තංගල්ල නගරයේ දේශපාලන කටවුට් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී චින්තක කැළුම් මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය. මෙම කතාබහ දුරදිග යාමෙන් තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් ඇතිවිය.