කටවුට් ගලවන්න වෙනම ‘හමුදාවක්‘


 රට පුරා සවි කළ නීති විරෝධී බැනර හා පෝස්ටර ඉවත් කිරීමට දිවයින පුරා පොලිස් මට්ටමින් කම්කරුවන් 2010 දෙනකු බඳවා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මූලස්ථාන පොලිසියකට පස් දෙනකු ද, නාගරික පොලිසියකට සිව් දෙනකු ද, උප පොලිසියකට තිදෙනකු ද, ගම්බද කුඩා පොලිසියකට දෙදෙනකු ද ලබා දෙනු ඇත.