කටපුංචා මදුනාගලට පනි


අම්බලන්තොට මඳුනාගල ආරණ්‍ය සේනාසනය අවට ප්‍රදේශයේ කලෑවේ නිරන්තරයෙන් වනසතුන් දඩයම් කරතියි ආරණ්‍ය සේනාධිපති උපුල් විල සාසන සුමණ නා හිමියෝ පවසති.

රාත්‍රී කාලයේ දී වෙඩි ශබ්ද පවා ඇසෙන බවද සුමණ හිමියෝ පැවසුහ. කළෑ එළි පෙහෙලි කිරීම් හා විවිධ කටයුතු නිසා වන සතුන්ට වාසස්ථාන අහිමි වෙමින් පවතින විට ඉතිරි වි ඇති කැලයට වන සතුන් පැමිණ ජීවත්වීමට සිටියද දඩයක්කරුවන් එයට ඉඩ නොදීම නිසා වන සතුන්ගේ ජීවිත වලට තර්ජන එල්ලවේ.

“වනජීවී කාර්යාලයේ නිළධාරීන් ද නිරන්තරයෙන් මෙම ප්‍රදේශවල මෙහෙයුම් කළද දඩයම් නතර වී නොමැත.” ඇතම් අවස්ථාවල එවැනි ඇය අත්අඩංගුවට ගත් අවස්ථාද තිබේන බව සුමණ හිමියෝ පවසති.

චිත්තගුප්ත මහ රහතුන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් මහ රහතුන් වහන්සේලා වැඩසිටිය මඳුනාගල සෙනසුන  කාවන් තිස්ස රජු දවස ආරාම කර ඇති බව ද, කිත්සිරි මෙවන් රජ දවස ගල් ලෙන් නිර්මාණය කර වූ බවද සඳහන්වේ.

ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින හිමිවරුන්ට දාන මාන ලබා දීමට වසර පුරාම දායකයින් භාරගෙන ඇති බවද සාසන සුමණ හිමියෝ සඳහන් කරති.

දැනට මඳුනාගල අරණ්‍ය සේනාසනයේ  ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයක් ඉඳිකරමින් පවතී. රුපියල් ලක්ෂ 120ක් තරම්  මුදලක් මේ සඳහා වැය කිරීමට සිදුව තිබෙන හෙයින් දානපතීන්ගේ අධාර උපකාර මත එහි ද ඉඳිකිරීම් කරගෙන යන බව ද සඳහන් කළේය.

පිරිසිදු පානිය ජලය සෙනසුනට තවම ලැබී නැත. ප්‍රජා ජලයෝජනා ක්‍රමයකින් ජලය ලැබෙන හෙයින් එය ක්‍රමවත් බවක් ද නොමැති වීම ගැටළුවක් බව සඳහන්වේ.

madunagala[1] DSCN4018[1] DSCN4021[1] DSCN4025[1] DSCN4034[1] gal_len[1]