බේරුවල මාගල්කන්දේ දී පසුගිය 29 දා විවාහක කතක(21) කෙලසූ බව කියන බේරුවල කකුල නැති කපුවා ද ඔහුගේ ආවතේවකරු ද කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය විසින් ලබන 15දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඇගේ නැන්දම්මාට ශාන්තිකර්මයක් කිරීම සඳහා එහි ගිය බව කියන වසන්ත පුෂ්පකුමාර හෙවත් සුනිමල් හෙවත් කකුල නැති කපුවා (45) ආවතේව කරු ගම්වාරි සම්පත් (33) මෙසේ රිමාන්ඩකරනු ලැබ සිටිති. ශාන්තිකර්මයට ගොස් අංජනමක් බලා ඌරගස්මංහන්දියේ ගෙදරක වත්තේ දෙහි ගසකින් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ගෙන එන ලෙස ගෙදර සිටි පිරිමන් දෙදෙනා පිටත්කැර යවා ඇතැයි ද ඒ අතර දරුඵල ලබා දීම සඳහා කළුකුමාර දිෂ්ඨිය ඉවත් කළ යුතු බව කියමින් මුලින් ආවතේවකරු ද ඊළඟට කපුවා ද ඇය දූෂණය කැර ඇතැයි පොලිසිය උසාවියට කරුණු දැක්වීය.

