කඔ ඇඳීම සෙල්ලමට පමණයි


කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එකට එකතු වෙලා කඹ දීමකින් තොරව 

සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීමෙන් අපේ රට ඉදිරියට ගෙන යා හැකි බවත් එම ආදර්ශය හැම තැනදීම ලබා දෙනු ඇතියි තමා විශ්වාස කරන බව ඉතාලියේ ශ්‍රී ලංකා 

තානාපති බෙනට් කුරේ මහතා වෙරෝනා නුවර සිට එසැණ සමග  පැවසීය.

වෙරෝනා නුවර මිරිස්සගේ සර්විස් ආයතනය පස්වන වතාවටත් සංවිධානය කළ තාරුණ්‍යයේ නොමියෙන කඹ ඇදීමේ සැඳෑව වෙරෝනා නුවරදී පැවැත්විණි.  පැය කිහිපයක් පුරා පැවති ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට වීවෘත එම කඹ ඇදීම තරගාවලිය වීඩියෝ වැඩසටහනක් ලෙස පටිගත කිරීමට එසැණට  හැකි විය. 

 https://www.youtube.com/watch?v=1RIdrF1MEQ4