කංසා හේන් දෙකක් ගිනි දෙවියාට


පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඹිලිපිටියේ අක්කර දෙකහමාරක කංසා හේන් දෙකක් වටලා  කංසා පැල  තිස් පන්දාහක් ගිනි තැබීය.

 පස් දෙනක් ද  සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.

බේත් කොටන තුවක්කු දෙකක්,වතුර මොටර් ආදීය ද සොයාගත් බවත් කංසා තොගයේ වටිනාකම ලක්ෂ හතරකට ආසන්න බවත් පොලීසිය කියයි.

විශේෂ කාර්ය බළකායේ වැඩ බලන අණදෙන නිලධාරී ජේ කේ ආර් කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි බුත්තල කදවුරේ පොලිස් පරීක්ෂක  යු එස් සදර්ලන්ඩ් හා උප පරීක්ෂක  එම්  බී බී එස් බණ්ඩාර මහත්වරු මේ මෙහෙයුම්වලට නායකත්වය දුන්හ.

Buttala-Ganja.jpg03 Buttala-Ganja-04

 udawalawa-ganja-02