චමිල් රුපසිංහ
කාංසා වගාවට අවසර දෙන්නේ නම් රජය එය කල්පනාකාරීව සිදු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ පවසති.
කංසා යනු ඖෂධීය ගුණ ඇති පැලෑටියක් බව කී වන්නිල ඇත්තෝ එය තහනම් කරන්නට සිදුවූයේ අයහපත් ලෙස යොදා ගැනීම නිසා බව ද පැවසූහ.
‘කංසා වගාව සම්බන්ධයෙන් රජය යෝජනාවක් ගෙන එනවානම් ඒ යෝජනාව හොඳ වුවත් යම් කාලයකදී එහි හොඳ වාගේම අයහපත් තත්ත්වයක් ඇති විය හැකියි. ඒ නිසා අවසර දෙන ආකාරය කල්පනාකාරීව කළ යුතුයි.‘ යැයි ද ඌරුවරිගේ වන්නිලඇත්තෝ පැවසූහ.
වන්නිලඇත්තන් ඒ බව පැවසුවේ අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීය.
කංසා අවසරයේදී කල්පනාකාරී වන්න - වන්නිලඇත්තෝ
Recommended Articles