කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට


(මනෝප‍්‍රිය ගුණසේකර)

‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් සිව්දෙනෙකු මත් ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පාතාල නායකයකු බව කියන ‘කංජිපානී ඉම්රාන්’ නමැත්තාගේ ප‍්‍රධාන පෙළේ ගෝලයකු බව කියන මොහොමඞ් ෂියාම් හෙවත් ‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් මත්දව්‍ය ජාවාරමක නිරත වන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතියි වාර්තා වේ.

සැකකරුවන් සිටි බව කියන නිවස පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 17ක්, කොකේන් කිලෝවක්, ඇෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1 1/2ක, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් ඇතුළු පිස්තෝල පහක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු 15ක් මෙන්ම පොලිස් නිලධාරීන් භාවිතා කරන අත් විලංගු යුවළක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.