(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද (17) නොතීසි නිකුත් කළා ය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්රශ්න කරන පාතාල ක්රියාකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් අධිකරණයට මෝසමකින් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරිය මෙම නොතීසිය නිකුත් කළාය.

