කංජිපානි ඉම්රාන්ට හඬ පරීක්ෂාවකට එන්නැයි නියෝග


(නිමන්ති රණසිංහ)

පාතාල නායකයකු වන මොහොමඩ් නසීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වන දින පෙරවරු 10.00ට බත්තරමුල්ල රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්ශන කටයුත්තකදී මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව මෙලෙස කටහඬ පරීක්ෂාවකට පැමිනෙන ලෙස නියෝග කර තිබිණි.
 
කොළඹ අපරාධ කොට්ඨාසය මෝසම් පත්‍රයක් මගින් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
 
කංජිපානි ඉම්රාන් සම්බන්ධ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු 9ක් සඳහා ද අද බන්ධනාගාරය මගින් සැකකරු ඉදිරිපත් කරනු ලැබිණි.