(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි හෝටලයකදී පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියා කාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ආදුරුප්පුවීදියේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කංජිපානි ඉම්රාන් නැමැත්තාට අයත් මාලිගාවත්තේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් බාරව සිටි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

