
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ මිල නියාමනය සඳහා වන නියෝග ඇතුළත් නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ගැසට්පත්‍රයේ සඳහන් මෙම නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඊට අනුමැතිය ලබා දෙන ලදී.

