ඖෂධ පනත මැතිසබේට


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසීය.

එම පණත් කෙටුම්පත සිකුරාදා (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. සිරිසේන මහතා කීවේ කෙටුම්පත කිසිවකු විසින් සොරා ගත් බවයි. ඖෂධ නිෂ්පාදන ආයතනවලින් විශාල මුදලක් ගත් ගිය ආණ්ඩුවේ පුද්ගලයකු පනත ඉදිරිපත් කිරීමට ඉඩ නුදුන් බවයි.