වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරු සඳහා පමණක් ඖෂධ නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලුම ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
ඖෂධ වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කරන ඖෂධ හල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන් පවසන රෝග ලක්ෂණවලට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

