(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්‍ෂා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිතානු ඩොලර් මිලියන 2 ක් (රුපියල් කෝටි 73) ප්‍රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම රෝහල් දෙකකට ඩොලර් මිලියනය බැගින් ලබා දෙන බවත් රට මුහුණ දී සිටින අසීරු අවස්ථාවේදී දරුවන්ගේ සහ පිළිකාවලින් පෙළන රෝගීන්ට ඖෂධ ලබාගැනීමට සහය වීමට අවස්ථාව ලැබීම වඩාත් වැඳගත් බව ද මොහාන් ද සිල්වා මහතා කීය.