ඕස්ටේ‍්‍රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන රග්බි තරගාවලියේදී සිය ස්ථානය තවදුටරත් තහවුරු කරගත් ඕස්ටේ‍්‍රලියාව අද පැවැති තරගයකදී ලකුණු 68 - 22 ක් ලෙසින් රුසියාව පරාජය කිරීමට සමත් විය. ඒ සමගම ඕස්ටේ‍්‍රලියාව තරගාවලියේ අර්ධ අවසාන පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු පිල වාර්තා කළ උත්සාහක දිනුම් දහයෙන් දෙකක් ම වාර්තා කළ ඔවුන්ගේ තවත් ප‍්‍රබල කී‍්‍රඩකයකු වන වින්ගර් ඩි‍්‍රව් මිචෙල් පාදයේ ආබාධයකට ලක්වීම නිසා තරගය අතරමැදදී පිටියෙන් ඉවත් විය. මේ වන විට නවසිලන්තය හා දකුණු අපි‍්‍රකාවද ප‍්‍රබලතම කණ්ඩායම් 8 අතරට එක්වී සිටිති. පළමු අර්ධය නිමාවේදී උත්සාහක දිනුම් හතක් සමගින් ලකුණු 47-5ක් ලෙසින් ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් සිටියේය. ඔස්ටේ‍්‍රලියානු පිලේ ජේම්ස් ඔ’කෝනර් විසින් 9 වැනි සහ 10 වැනි උත්සාහක දිනුම් වාර්තා කළේ අමතර ප‍්‍රසාද ලකුණක් ද සිය පිලට එක් කරමිනි. මේ අතර රුසියාව වෙනුවෙන් ව්ලැදමීර් ඔස්ට්‍රොව්ස්කෝ, ඩෙනිස් සිම්ප්ලිකෙවිච් සහ කොන්ස්ටන්ටින් රච්කෝවා උත්සාහ දිනුම් වාර්තා කළහ.

