ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 65 ක ජයක්


‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී අද (05) පැවැති පළමු තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 65 ක ජයක් ලැබීය. ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 11 වැනි  ඕවරයේදී වර්ෂාව ඇද හැළීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරගය නතර කර තිබීම නිසා ඉනිමක්  ඕවර 32 කට සීමා විය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 216 (මැතිව් වාඩි 67, මයික් හසී 45, ඬේවිඞ් හසී නොදැවී 61, ඩැනියල් ක‍්‍රිස්ටීන් නොදැවී 17, විනෙයි කුමාර් 21/3) ඉන්දියාව  ඕවර 29.4 කදී 151 (විරාට් කෝලි 31, රෝහිත් ශර්මා 21, මහේන්ද්‍ර සිං දෝනි 29, රවින්ද්‍ර ජඬේජා 19, ප‍්‍රවීන් කුමාර් 15, විනෙයි කුමාර් නොදැවී 12, මයිකල් ස්ටාර්ක් 33/2, ක්ලින්ට් මැකේ 20/4, සේවියර් ඩොහෙර්ටි 36/2)