ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 298 ක ජයක්
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 298 ක ජයක් හිමිකරගත්හ.
මෙම තරගයෙන් ජය ගැනීමට ඉන්දීය පිලට ලකුණු 500ක් ලබාගත යුතුව තිබුණි. නමුත් ලියොන් (63/4) සහ හැරිස් (41/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 201ක් පමණි.
ටෙස්ට් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4-0 ක පූර්ණ ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියාව මෙහිදී සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 604 සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 167
ඉන්දියාව පළමු ඉනිම 272 සහ දෙවැනි ඉනිම 201 (විරේන්දර් ෂෙවැග් 62, වී.වී.එස්. ලක්‍ෂ්මන් 35, රාහුල් ද්‍රාවිඞ් 25, හැරිස් 41/3, ලියොන් 63/4)
තරගයේ වීරයා පීටර් සිඞ්ල්.

